ඡායාරූප සඳහා පහළට යන්න

සුප්‍රකට නිල් චිත්‍රපට නිළි මියා කලීෆා සිය රංගන ජීවිතයට තිත තැබීමට තීරණය කළ හේතුව හෙළි කර තිබෙනවා.

මියා වඩාත් ආන්දෝලනාත්මක වූයේ ඇය ලෙබනන මුස්ලිම් සම්භවයක් සහිත තැනැත්තියක වීම නිසායි.

එසේම ඇය මුස්ලිම් ජාතික තරුණියක සේ හිජාබය ඇඳ පැළඳගෙන ලිංගික දර්ශනවලට පෙනීසිටි නිසා ද වඩාත් කතාබහට ලක් වුණා.

ඇය මෙලෙස සිය නිල් චිත්‍රපට රංගන වෘත්තියෙන් ඉවත් වීමට තීරණය කර ඇත්තේ ඇයට එල්ලවූ මරණ තර්ජන හේතුවෙන්.

ISIS සංවිධානය ඇතුළු ඉස්ලාම් ත්‍රස්ත සංවිධාන රැසකින් කලක සිට ඇයට මරණ තර්ජන එල්ල වූ බව රහසක් නොවන නමුත් IS සංවිධානය නැවත නැවතත් ඇයට කර ඇති දැනුම් දීමක් සමග ඇය මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

මියා කලීෆා තවමත් පසුවන්නේ 25 වැනි වියේ වුවත් ඇය ලොව පුරා හිමිකරගෙන ඇති ජනප්‍රියත්වය අතිමහත්.

ඇය 2014 වසරේ දී නිල් චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසෙන විට ඇගේ වයස අවුරුදු 22ක්.

එම වසර ඇතුලතදීම සුප්‍රකට පෝන්හබ් නිල් වෙබ් අඩවියේ අංක එකේ නිල් නිළිය බවට ඇය පත් වූ අතර පසුගිය වසරේ (2017) එක්ස්-හැම්ස්ටර් නිල් වෙබ් අඩවිය තුළ ඉහළම සෙවුම් ගණනක් හිමි වූ නිළිය ඇය වීම ඇගේ ජනප්‍රියත්වය මේවන විටත් කෙතරම් ඉහළින් ඇත්දැයි හෙළිකරන්නක්.

නිල් චිත්‍රපට ක්ෂේත්‍රයෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඇය නිවේදිකාවක ලෙස කටයුතු කරමින් සිටිනවා.

Loading...