වීඩියෝව සඳහා පහළට යන්න…

ඇමරිකාවේ නිව්යෝක් නගරයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.

ජල තලයට ඉතා ආසන්නව ගමන්කර ඇති මෙම යානය එලෙස ගමන් කර ඇත්තේ ඡායාරූප පෙළක් ලබාගැනීම සඳහා බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කරනවා.

සිද්ධිය වන අවස්ථාවේ දී 6 දෙනෙකු මෙහි ගමන්කර ඇති අතර ක්ෂණිකව ගිලී ගිය යානයෙන් පිටතට පැමිණ දිවි බේරාගැනීමට එහි නියමුවා සමත්ව ඇතත් අනෙක් 5දෙනා හෙලිකොප්ටරය සමගම ගිලී ඇති බව පැවසෙනවා.

බරපතළ තත්ත්වයේ පසුවන තිදෙනා මේවන විට රෝහල්ගත කර ඇති අතර මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී ජංගම දුරකතනයකින් ලබාගත් දර්ශන පහතින්…

Loading...