චීන ජනපති ෂී ජින්පින්ට සිය ජීවිත කාලය පුරාම ජනපති ධුරයේ කටයුතු කිරීමේ අවස්‌ථාව උදාවී තිබෙනවා.

චීන ජාතික කොංග්‍රසය විසින් ජනපති ධුරය දැරීමේ කාල සීමාව මෙලෙස අහෝසි කරනු ලැබුවා.

මීට පෙර චීන ජනාධිපතිවරයකුට එම ධුරය දැරිය හැකිව තිබුණේ දෙවාරයකට පමණයි.

ෂී ජින්පින් ජනපතිගේ ධුර කාලය 2023 දී නිම වන්නට තිබුණත් මේ සංශෝධනය නිසා ඔහුට දිවි ඇති තෙක් එම ධූරයේ සිටිය හැකියි.

චීන ජාතික කොංග්‍රසයේ නියෝජිතයන් 2964 අතරින් මෙයට විරුද්ධ වී ඇත්තේ දෙදෙනකු පමණයි.

Loading...