Loading...

ඡායාරූප සඳහා පහළට යන්න…

බංග්ලාදේශ මගී ගුවන් යානයක් නේපාලයේ දී කඩා වැටී තිබෙනවා.

US-Bangla ගුවන් සේවයට අයත් මෙම යානය කත්මන්ඩු ජාත්‍යන්තර ගුවන්තොටුපොල ආසන්නයට කඩා වැටී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

ගුවන් යානය ගුවන් තොටුපොල වෙත ගොඩබෑමට උත්සහ කිරීමේ දී මෙම අනතුර සිදුව ඇති අතර එය ගුවන් පථය මගහැරෙමින් ගුවන්තොටුපොලට නැගෙනහිරින් තිබූ පාපන්දු පිටියකට පතිත වී තිබෙනවා.

යානය එම පිටියට පතිත වූ වහාම විශාල ගිනි ජාලාවකින් වැසී ගිය බවයි සිද්ධිය ඇසින් දුටුවන් සමාජ මාධ්‍යයන්හි වාර්තාකර ඇත්තේ.

කත්මන්ඩු නුවරින් ලැබෙන පුවත් වාර්තා සඳහන් කරන්නේ අනතුරින් 7 දෙනෙකුගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන ඇති බවයි.

18 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවත් තවත් 17 දෙනෙකු බේරාගෙන රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති බවත් එම වාර්තාවන්හි වැඩිදුරටත් සඳහන්.

ගුවන් යානයේ මගීන් 80ක් ගමන් කර ඇති බවට මේවන විට වාර්තා පළ වෙමින් පවතිනවා.

ගුවන් බලධාරීන් සැකකරන්නේ කාර්මික දෝශයක් මෙම අනතුරට බලපාන්නට ඇති බවයි.

Loading...