වීඩියෝව සඳහා පහළට යන්න

නිව්යෝක් නගරයේ සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරෙන් මියගිය ගණන 5 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව යානයේ ගමන් ගත් මගීන් සියළු දෙනා මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ.

ගංගාවකට කඩා වැටීමෙන් අනතුරට ලක් වූ හෙලිකොප්ටර් යානයේ මගීන් 5 දෙනෙකු ගමන් ගත් අතර එහි නියමුවා දිවි බේරාගන්නට සමත් වුණා.

ජීවිතාරක්ෂක කණ්ඩායම්වලට ප්‍රථමයෙන් මළ සිරුරු 2ක් හමුවූ අතර බරපතළ තත්ත්වයේ සිටි දෙදෙනෙකු රෝහල් ගත කෙරුණා.

කෙසේ වෙතත් පසුව ඔවුන් දෙදෙනා ද මියගොස් ඇති බව එරට බලධාරීන් සඳහන් කර තිබෙනවා.

ඡායාරූපකරණයක් සඳහා මෙම හෙළිකොප්ටරය ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

යානයේ එන්ජිමෙහි ඇති වූ දෝශයක් අනතුරට හේතු වී ඇති බවටයි මේවන විට සැක පහළ වී ඇත්තේ.

Sinhala Puvath is a Sinhala language news website based in Sri Lanka. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.