අලුත විවාහ වීමට සිටි තුර්කියේ කෝටිපතියකුගේ දියණියක් සමඟින් ගමන්ගත් පුද්ගලික ජෙට් යානයක් මධ්‍යම ඉරානයේදී කඩා වැටී එහි ගමන්ගත් 11 දෙනාම මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මාර්තු මස අගදී විවාහවීමට නියමිතව සිට ඇති ඇය තුර්කි ජාතික කෝටිපතියකුවූ හුසෙයින් බසාරාන්ගේ දියණිය යි.

28 හැවිරිදි මීනා බසාරාන් නමැති ඇය සහ ඇයගේ මිතුරියන් 7 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු මෙම යානයේ ගමන් කරමින් සිට තිබෙනවා.

මෙම ජෙට් යානය ඇයගේ පියාට අයත්වන අතර විවාහයට පෙර අවිවාහක සාදය සඳහා ඇයගේ හොදම මිතුරියන් 7 දෙනා සමඟින් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ හෝටලයක් වෙත ගමන්කොට එහිදී සාදය පවත්වා ආපසු තුර්කියේ ඉස්තාන්බුල් දක්වා ගමන් කරමින් සිටියදී බටහිර ඉරානයේ සැග්රෝස් කදුපන්තිය අසල දී මෙම අනතුර සිදුවී ඇතිබවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කදු සහිත ප්‍රදේශයට ලගාවෙත්ම දැඩි මීදුම් සහිත කාලගුණයක් තිබු බවත් යානය එසැනින් රේඩාර් තිරයෙන් නොපෙනී ගිය බවත් පැවසෙනවා.

මියගිය 28 හැවිරිදි මීනා බසාරාන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි ලොව දස දෙසින් අනුගාමිකයින් අති විශාල පිරිසක් සිටින අතර ඇයගේ විපත සැලවූ සැණින් ඔවුන් මහත් කම්පනයට පත් වී ශෝකය පලකර තිබෙන බවද විදෙස් වාර්තා සඳහන් කරනවා.

Sinhala Puvath is a Sinhala language news website based in Sri Lanka. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.