Loading...

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සාමි තමාව ඝාතනය කිරීමට උත්සාහ කිරීමට එරෙහිව ඔහුගේ බිරිඳ වන හසින් ජහාන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සාමි මෙන්ම ඔහුගේ පවුලේ උදවිය තමන්ට නිදිපෙති බොහෝ ලබාදීමෙන් තමාව ඝාතනය කිරීමට උත්සාහ කරන බව ජහාන් සිය පැමිණිල්ලෙන් පවසා ඇත.

එසේම තම මස්සිනා වන හසිබ් අහමඩ් තමාව දූෂණය කළ බවටද ඇය සිය පැමිණිල්ලෙන් පවසා ඇත. හමිඩ් සාමිගේ වැඩිමහල් සහෝදරයා වෙයි.

කොල්කටා ජාජව්පූර් පොලීසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර එම පොලීසිය මේ වනවිට පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

Loading...