Loading...

LTTE සංවිධානය විසින් භාවිත කරන ලද බවට සැක කෙරෙන මරාගෙන මැරෙන සාමාජිකයින් පළදින ඇඳුම් කට්ටලයක් සහ පුපුරණ ද්‍රව්‍ය කොටස් කිහිපයක් ඊ‍යේ (12) සවස හමු වී තිබෙනවා.

ඒ යාපනයේ චාවාකච්චෙරි ප්‍රදේශයේ ස්ථානයකදීයි.

යාපනය චාවාකච්චෙරිය මුරුතඩි මාර්ගයේ ජලනල එළීම සඳහා ජල සම්පත් මණ්ඩලයේ කොන්ත්‍රාත්කරුවන් විසින් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් මහාමාර්ගයේ කැනීම් කරමින් සිටියදී මෙම ඇදුම් කට්ටලය හමු වූ බවයි වාර්තා වන්නේ.

සිද්ධිය පිළිබඳව පොලීසියට දැණුම් දීමෙන් පසුව පොලීසිය පැමිණ එම ඇදුම් කට්ටලය පරීක්ෂණ සඳහා රැගෙන ගොස් තිබෙනවා.

මෙම ඇඳුම් කට්ටලය කලයට පෙර LTTE සංවිධානය විසින් මෙම ස්ථානයේ වළ දමන්නට ඇතැයි පොලීසිය සැක කරනවා.

Loading...