බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ, මාස 05ක පුහුණු පාඨමාලාවක් සඳහායි.

බල සේනාධිපති පාඨමාලාව සඳහා ඔහු මෙලෙස චීනය බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් ඔහුගේ පවුලේ සාමාජිකයින් තවදුරටත් බි‍්‍රතාන්‍යයේ රැඳී සිටිනවා.

ඔවුන්ගේ වියදම් සඳහා යුද හමුදාවෙන් මාසික ගාස්තුවක් ද ලබාදෙන බවයි පැවසෙන්නේ.

මෙරට 70 වන නිදහස් දිනය දා බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවති LTTE හිතවාදීන්ගේ විරෝධතාවක් අතරතුර දැක් වූ අභිනයක් හේතුවෙන් බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු දැඩි කතා බහට ලක්වුණා.

එම ක‍්‍රියාව පදනම් කර ගනිමින් ඔහුගේ සේවය අත්හිටුවීමට ද පියවර ගැණුනු අතර පසුව ජනාධිපතිවරයා විසින් එම සේවා අත්හිටුවීම අවලංගු කෙරුණා.

Loading...