පෑලියගොඩ ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වූ පාතාල කල්ලියක නායකයෙකු වූ බැරල් සංඛ අද අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය මගින්.

මොහු ඉකුත් පෙබරවාරී මාසයේ දී පොලිසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවක දී මියගිය පාතාල නායක දඩල්ලගේ මංජු හෙවත් ඩී. මංජුගේ ප‍්‍රතිවාදියා බවද පැවසෙනවා.

ඩී.මංජු සිදු කළ වෙඩි තැබීමකින් 2014 වසරේදී පෑලියගොඩ ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් මන්ත‍්‍රී ශමිල සඳරුවන් ජීවිතක්ෂයට පත්වුණා.

එම වෙඩි තැබීමෙන් අද අත්අඩංගුවට ගැණුනු බැරල් සංඛ නමැති පාතාල සාමාජිකයාට ද තුවාල සිදුව තිබුණා.

පසුව බැරල් සංඛ විසින් ද ඩී.මංජුට වෙඩි තබා තුවාල සිදු කර තිබුණා.

පොලිස් විශේෂ කාර්ය බලකාය සමග සිදු වූ වෙඩි හුවමාරුවෙන් ඩී.මංජු මියයාමත් සමග බැරල් සංඛගේ පාතාල ක‍්‍රියාකාරකම් උග‍්‍ර වූ බවයි පොලිසිය පවසන්නේ.

ඩී. මංජුගේ පාතාල මෙහෙයුම් සියල්ල බැරල් සංඛ විසින් සියතට ගෙන ක්‍රියාත්මක කරන්නට පටන් ගෙන තිබූ බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

Sinhala Puvath is a Sinhala language news website based in Sri Lanka. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.