නාවල ප්‍රදේශයේදී විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකුට පහරදීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවිමට කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කර තිබෙනවා.

කෙසේ වෙතත් ලක්ෂ 5 ක ශරීර ඇප මත ඔහු මුදා හැරීමටයි අධිකරණය නියෝග කළේ.

මෙම සිද්ධියට අදාළ නඩුව ජුනි 19 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

පසුගිය 09 වැනිදා රාත්‍රියේ විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකුට ගිනි අවි පෙන්වා පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රමිත් රඹුක්වැල්ල නාරාහේන්පිට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණා.

Loading...