වහාම ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වාරණය ඉවත් කරන්නට කටයුතු කරන ලෙස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය විසින් ඉල්ලීම් කිහිපයක් සිදුකර ඇති නමුත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇති බව පුවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය අමාත්‍ය හරීන් ප්‍රනාන්දු යටතේ පවතින නමුත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවතින්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යටතේයි.

ජනාධිපතිවරයාගේ උපදෙස් ලැබෙන තුරු විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව බලා සිටින බවයි පුවත් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Sinhala Puvath is a Sinhala language news website based in Sri Lanka. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.