ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශ අතර පැවැත්වෙන නිදහස් කුසලාන තුන් කොන් තරඟාවලියේ අවදානම් අදියරකට ශ්‍රී ලංකාව පිවිසී තිබෙනවා.

ඒ, ඉන්දියාව සමඟ ඊයේ (12) පැවැති දෙවන තරඟයෙන් කඩුලු 06ක පරාජයක් ලැබීමත් සමඟයි.

වර්ෂාව හේතුවෙන් ඊයේ තරගයේ ආරම්භය පමා වූ අතර, පසුව තරඟය එක් පිළකට පන්දු වාර 19 දක්වා සීමා කෙරුණා.

කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස ශ්‍රී ලංකාවට ආරාධනා  කළා.

ශ්‍රී ලංකා පිළ සිය පන්දු වාර 19 තුළ දී කඩුලු  09ක් දැවී රැස් කළේ ලකුණු 152ක් පමණයි.

ඉන්දීය පිළේ නවක ක්‍රීඩක ශර්දුල් තාකූර් ලකුණු 27කට කඩුලු 04ක් බිද හෙලුවා.

කුසල් මෙන්ඩිස් ලකුණු 55ක් රැස් කළා.

පිළිතුරු වශයෙන් ඉන්දීය පිළ කඩුලු 04ක් දැවී ලකුණු 153ක් ලබමින් තරඟයේ ජය හිමි කර ගත්තා.

මෙම තරඟයෙන් පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකාවට සිකුරාදා බංග්ලාදේශය සමඟ පැවැත්වෙන තරඟය තීරණාත්මක වනවා.

එම තරඟය ද පරාජයට පත්වුවහොත් අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබන්නේ ඉන්දියාව සහ බංග්ලාදේශයයි.

Sinhala Puvath is a Sinhala language news website based in Sri Lanka. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.