Loading...

ඝාතනයට ලක්වූ පාතාල නායක සොත්ති උපාලිගේ දියණියක් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බණ්ඩාරගම – වැල්මිල්ල ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේදී ඊයේ (12) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු පැකට් 5ක් ද සොයාගෙන තිබෙනවා.

මේ අතර, බොරැල්ල බේස්ලයින් මාවත, වැල්ලම්පිටිය ප්‍රදේශයේදී සහ ගල්කිස්ස – අත්තිඩිය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ කාන්තාවන් තුන්දෙනෙකු ඊයේ (12) අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.

Loading...