ඡායාරූප සඳහා පහළට යන්න > > > 

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා හා ඔහුගේ ලේකම් රුවන් ෆර්ඩිනැන්ඩස් මහතා පොදුරාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික හමුවට එක්වන බව පවසමින් එංගලන්තයට ගොස් බදු මුදල්වලින් පාර්ටි දැමූ බව පවසමින් ෆේස්බුක් සමාජ ජාලයේ සැරිසරණ ඡායාරූපය මාධ්‍යට මුදාහැර ඇත්තේ ටෙලිවිව් ආයතනයේ හිමිකරු වන සුනිල් රත්නායක මහතා බව පුවත් වෙබ් අඩවි වාර්තා කරනවා.

රත්නායක මහතා මෙසේ මුදාහැර ඇති ඡායාරූපය ගෙන ඇත්තේ එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකීය මාධ්‍යවේදීන් පිරිසක් විසින් සංවිධානය කර තිබූ සාදයකට ඔවුන්ගේ ආරාධනයක් පරිදි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහභාගිවී සිටි අවස්ථාවේදීය.

අදාළ සාදය එංගලන්ත වෙසෙන ශ්‍රී ලාංකීය මාධ්‍ය හිතවතෙකු විසින් ඔහුගේ මුදලින් පවත්වන ලද්දක් වන අතර ඒ සඳහා ජනාධිපති සමාජ මාධ්‍ය ජාල අධ්‍යක්ෂ සමීර ද සිල්වා මහතා ද සහභාගිවී සිටි බව වාර්තා වේ.

කෙසේවුවද, ටෙලිවිව් ආයතනයේ හිමිකරු වන සුනිල් රත්නායක මහතා මෙම සාදයට සහභාගිවී සිටියේ අනාරාධිතව බව එම සාදය සංවිධානය කරන ලද එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික මාධයවේදීයකු පවසා ඇත.

එහිදී ඡායාරූප ගත් එකම පුද්ගලයා වූ සුනිල්ගෙන් මේ සම්බන්ධයෙන් මංගල මහතාගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු විමසීමක් කර ඇති අතර එහිදී ඔහු අදාළ ඡායාරූපය ලබාදුන් අයගේ නම් හෙළිකර ඇති බවද මේ අතර වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් සමරවීර මහතාගේ කාර්යමණ්ඩලයේ නිලධාරියකු ප්‍රකාශ කොට ඇත්තේ බදු මුදලින් සාද දැමූ බවට පුවත් පළ කර ඇති මාධ්‍යවේදින් වැඩි පිරිසක් අනුන්ගෙන් පිනට බොන බේබදු මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු බවයි.

ඇතැමෙක් මාධ්‍ය සාකච්ඡාවලට ගොස් මත්පැන් නොලැබුණ විට දබර ඇතිකරගන්නා අය බවද ඔහු පවසා ඇති බව සඳහන්

Loading...