කොළඹ නීති විද්‍යා පීඨයේ පසුගිය දා පැවැත්වුණු බක් මහ උළෙලක් පිළිබඳව මෙරට සමාජ ජාල තුළ මේවන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

ඒ අලියාට ඇහැ තැබීමේ අවුරුදු ක්‍රීඩා අංගය අදාළ බක් මහ උළෙලේ දී වෙනස් කොට එයට අලියෙකුගේ රූපය වෙනුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රුව යොදා ගැනීම හේතුවෙන්.

මෙම අංගයේ ඡායාරූප සමාජ ජාල ඔස්සේ පළ වීමත් සමග මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් විශාල පිරිසක් මෙම ක්‍රියාවට මෙන්ම එහි නිරත වූ සිසුන්ට දැඩි විරෝධය පළ කොට අදහස් දක්වමින් සිටිනවා.

කෙසේ වෙතත් එම උළෙල ආවරණය කර ඡායාරූප පළ කොට තිබූ ෆේස්බුක් පිටුවෙහි ඡායාරූප ගොන්නෙන් ආන්දෝලනයකට තුඩු දුන් ඇහැ තැබීමේ අංගයේ ඡායාරූප මේවන විට ඉවත් කර ඇති බව ද දක්නට ලැබෙනවා.

අදාළ බක් මහ උළෙලේ ඡායාරූප සහ ඒවාට ලැබී ඇති විරෝධතා කිහිපයක් පහතින්…

Loading...