මේ වන විට උණුසුම් අදියරකට පිවිස ඇති IPL තරගාවලියේ 49 වැනි තරගය ඊයේ කොල්කටා නුවර ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

වීඩියෝව සඳහා පහළට යන්න > > >

ඒ රාජස්තාන් රෝයල්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතරයි.

කාසියේ වාසිය දිනාගත් කොල්කටා කණ්ඩායම තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමටයි.

ඒ අනුව පිටියට පිවිසි රාජස්ථාන් මුල් පෙළ පිතිකරුවන් ඉතා වේගවත් ලකුණු රැස් කිරීමක නිරත වූවා.

එහෙත් ජෝෂ් බට්ලර්ගේ දැවී යාමත් සමග එම වේගය පවත්වාගැනීමට රාජස්ථාන් කණ්ඩායමට හැකිවූයේ නැහැ.

බට්ලර් පන්දු 22ක් තුළ ලකුණු 39ක් රැස් කළා.

ඉන්පසුව රාජස්ථාන් ඉනිමේ බිඳවැටීම ආරම්භ වූ අතර ලකුණු 142කට සියළු පිතිකරුවන් දැවී ගියේ තරගයේ තවත් පන්දුවාරයක් ඉතිරිව තිබියදියි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි කොල්කටා පිතිකරුවන් හට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට රාජස්ථාන කණ්ඩායම කටයුතු කරන්නට වූයේ ලකුණු දැවැන්ත පහර වලින් 45ක් රැස්කරමින් සිටි Lynn ගේ කඩුල්ල දවාගැනීමත් සමගයි.

එතැන් සිට ලකුණු ලබාගැනීමේ වේගය අඩාල වී පිතිකරුවන් කිහිපදෙනෙකුම දැවී යන්නට පටන් ගත් නමුත් තරගයේ වගකීම සිය කරමතට ගත් කොල්කටා නායක දිනේෂ් කාර්තික් තරගයේ වාසිය යළි තමන් වෙතට හරවා ගත්තේ ලකුණු 41ක ජයග්‍රාහී ඉනිමක් සමගින්.

ජයග්‍රහණය සඳහා ලකුණු 4ක් පමණක් අවශ්‍යව තිබියදී 6 පහරක් එල්ල කරමින් තරගය නිමා කිරීමට කාර්තික් සමත් වුණා.

කඩුළු 4ක් පමණක් දැවී කොල්කටා කණඩායම ලකුණු 145ක් රැස් කළේ 18 වැනි පන්දු වාරයේ දියි.

ඒ අනුව කඩුළු 6කින් තරගය ජය ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

මෙම තරග ජයත් සමග IPL කණ්ඩායම් ලකුණු සටහනේ තෙවැනි ස්ථානය කොල්කටා කණ්ඩායමට ලැබී ඇති අතර රාජස්ථාන කණ්ඩායම සිව්වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

පළමු ස්ථානය හා දෙවැනි ස්ථානය පිළිවෙළින් සන් රයිසස් හයිද්‍රාබාද් සහ චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම් ලබාගෙන සිටිනවා.

Loading...