ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීමට සුදුසුම කාලය මෙය බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ප්‍රකාශ කළා.

ඊයේ ඔහු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා ද හමුවී සාකච්ඡාවක නිරත වූ අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සංගක්කාර වැඩිදුරටත් පවසා සිටියේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාව සහ ව්‍යුහය හරි ආකාරයට සකස් කිරීම අවශ්‍ය බවයි.

එය නිවැරදි ආකාරයට ශක්තිමත්ව සකසා ගතහොත් ක්‍රිකට් පාලනයට කවුරු පැමිණිය ද ඔවුනොවුන්ට ගැලපෙන ලෙස ආයතනය සැකසිය නොහැකි බව ද ඔහු පැවසුවා.

එමෙන්ම පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිලවරණයට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ද කුමාර් සංගක්කාර අවධාරණය කළා.

Loading...