පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිද වන ශෂී වීරවංශ ඇතුළු පිරිසක් ගමන් කල ජීප් රථයක් අනතුරට පත්ව තිබෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ දංකොටුව – නාත්තන්ඩිය මාර්ගයේ මාවතගමදී ඊයේ පස්වරු 06.00ට පමණයි.

අතුරු මාර්ගයකින් ප්‍රධාන මාර්ගයට පිවිසි වාහනක ගැටී සිදුව ඇති මෙම අනතුරින් කිසිවෙකුට තුවාල සිදුව නැහැ.

ශෂී වීරවංශ සිය ඥාති පිරිසක් සමගින් හලාවත මුන්ශ්වරම් කෝවිලට ගොස් එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ.

Loading...