දෙහිඅත්තකණ්ඩිය, බිහිරි සොරොව්වේ ගිලී මවක සහ දියණියක මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද පස්වරුවේ දිය නෑමට ගිය අවස්ථාවේ ඔවුන් දියේ ගිලී මියගොස් ඇති බවයි.

මියගොස් ඇත්තේ අවුරුදු 4 ක් වයසැති ගැහැණු දරුවෙක් සහ 30 හැවිරිදි ඇගේ මව බව පොලීසිය සඳහන් කළේ ය.

මේ වනවිට ඔවුන්ගේ මළ සිරුරු දෙහිඅත්තකණ්ඩිය රෝහලට රැගෙන ගොස් ඇත.

Sinhala Puvath is a Sinhala-language news website based in Sri Lanka, by WARTHAMANA WEB TEAM. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.