අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු පෞද්ගලික බස් රථ වර්ජනය අවලංගු කිරීමට බස් සංගම් තීරණය කර තිබෙනවා.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි පෞද්ගලික බස් සංගම් මෙම තීරණය ගෙන ඇත්තේ.

ඔවුන් කියාසිටියේ සියයට 6.5 ක ගාස්තු සංශෝදනය සියයට 12.5 දක්වා ඉහළ දැමීමට සහ අවම ගාස්තුව රුපියල් 12 දක්වා වැඩි කිරීමටත් නියෝජ්‍ය අමාත්‍යවරයා එකගතාව පළකළ බවයි.

කෙසේ වෙතත් එම ගාස්තු සංශෝදනය මීළග කැබිනට් මණ්ඩල සාකච්ඡාවට ඉදිරිපත් කර එහිදී අනුමැතිය ලබාගැනීමට නියමිතයි.

Sinhala Puvath is a Sinhala-language news website based in Sri Lanka, by WARTHAMANA WEB TEAM. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.