ශ්‍රී ලංකා – සිංගපූරු නිදහස් වෙළෙඳ ගිවිසුමට එරෙහිව හෙට (17) දිනයේදී රජයේ සියලු රෝහල් තුළ වෛද්‍ය වර්ජනයක් දියත් කිරීමට ගත් තීරණය ස්ථීර බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එම වැඩවර්ජනය හෙට පෙරවරු 8 සිට ක්‍රියාත්මක කරන බවත් අඛණ්ඩ වර්ජනයක් දක්වා රැගෙන යනවාද නැද්ද යන්න පිළිබදව හෙට දිනයේදීම තීරණය කර ප්‍රකාශ කරන බවත් එම පවසනවා.

මේ සම්බන්ධයෙන් 22 වැනිදා ජනාධිපතිවරයා සමග  සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

Sinhala Puvath is a Sinhala-language news website based in Sri Lanka, by WARTHAMANA WEB TEAM. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.