සේවා ව්‍යවස්ථාවක් වහාම සකස් කරන ලෙස ඉල්ලා ආගමන විගමන නිලධාරීන් හෙට (17) මධ්‍යම රාත්‍රී 12 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

වසර 20ක් තිස්සේ සේවා ව්‍යවස්ථාවක් සකස් කරන බවට පොරොන්දු ලබා දුන්නත් මෙතෙක් එම කටයුත්ත සිදු කර නොමැති බව ආගමන විගමන නිලධාරීහු සඳහන් කරති.  

මේ නිසා මෙයට විරෝධය පා හෙට (17) දහවල් 12 කටුනායක ගුවන්තොටුපළ ඉදිරිපිටදී නිහඬ විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වී‍මෙන් අනතුරුව මධ්‍යම රාත්‍රී 12න් පසු කිසිදු අතිරේක රාජකාරියක් සිදු නොකරන බවත් තම ගැටලුවට විසඳුම් ලැබෙන තෙක් මෙම අකුරට වැඩ කිරීමේ ව්‍යාපරය දියත් කරන බවද ඔවුහු පවසා සිටිති.

මේ අනුව කටුනායක, මත්තල ගුවන්තොටුපොළවල සහ සියලුම වරායන්වල මෙම ක්‍රියාමාර්ගය දියත් කරන බවද ආගමන විගමන නිලධාරීහු පවසා සිටිති.

Loading...