ඉන්දුනීසියාවේ සුමාත්‍රාහි පොලිස් මූලස්ථානය වෙත ඉස්ලාමීය රාජ්‍යය (IS) ත්‍රස්තයන් සමුරායි කඩු යොදාගෙන සිදුකරන ලද ම්ලේච්ඡ ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම ප්‍රහාරය සඳහා ත්‍රස්තයන් සිව්දෙනෙකු සම්බන්ධ වී ඇති අතර, ඔවුන් සුමාත්‍රා හි රියාවු නගරයේ පොලිස් මූලස්ථානය වෙත මෝටර් රථයක නැගී කඩා වැදී ඇත.

මෙම ප්‍රහාරයෙන් පසුව ඉස්ලාම් රාජ්‍යය (IS) ත්‍රස්ත සංවිධානය විසින් ප්‍රහාරයේ වගකීම භාරගන්නා ලදී.

මෙහිදී, පොලීසිය විසින් සිදුකරන ලද වෙඩි තැබීමෙන් ත්‍රස්තයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එක් ත්‍රස්තයෙකු ජීවග්‍රහයෙන් අල්ලාගෙන තිබේ.

ඉන්දුනීසියාවේ සුරබයා නුවර දේවස්ථාන තුනක් හා පොලිස් මූලස්ථානය ඉලක්ක කරමින් දින කිහිපයක් තුළ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් දියත් වීමෙන් පසුව එහි දිගුවක් ලෙස මෙම ප්‍රහාරයද සිදුව ඇති බව විශ්වාස කෙරෙයි.

A

Loading...