පැය හයකට වඩා එකම ස්‌ථානයක වාඩි වී සිටින පිරිමින්ගෙන් සියයට 48 ක්‌ද කාන්තාවන්ගෙන් සියයට 94 ක්‌ද අකාලයේ මිය යෑමේ අවදානමක්‌ පවතින බව වෛද්‍ය පර්යේෂණවලදී අනාවරණය වී ඇතැයි කොළඹ වෛද්‍ය පීඨයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජීත වික්‍රමසිංහ මහතා පැවැසීය.

මෙම තත්ත්වය මත සෑම අයෙකුම දිගු වේලාවක්‌ වාඩි වී රාජකාරි කිරීම වෙනුවට විනාඩි 30 ක කාලයකට වරක්‌ නැගිට ඇවිදීම කළ යුතු බවද කුඩා දරුවන් පවා එකම ස්‌ථානයක දිගු වේලාවක්‌ වාඩි කර තැබීමෙන් වැළකිය යුතු බව ඔහු කීවේය.

මෙහිදී කුඩා ළමුන් ව්‍යායාම වලට හුරු කිරීමෙන් අනාගතයේදී ඔවුන් උදර තරබාරු තත්ත්වයට පත්වීම වළක්‌වා ගත හැකි බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Loading...