18 වන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මීටර් 400×4 බාලක සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේය.

මේ අතර මීටර් 400×4 බාලිකා සහය දීවීමේ තරග ඉසව්වේ ලෝකඩ පදක්කමද ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.

ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ජපානයේ ගිෆුහීදී පැවැත්වේ.

මීටර් 400×4 බාලක සහය දිවීමේ තරග ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ විනාඩි 3 යි තත්පර 8 යි දශම 7 යි 0 ක දක්ෂතාවක් දක්වමිනි.

මේ අතර මීටර් 400×4 බාලිකා ධාවන තරග ඉසව්ව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ඉෂාරා ආදිත්‍යා, සචිනි දිව්‍යාංජලී , දිල්ෂි කුමාරසිංහ හා අමාශා ද සිල්වා එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණේ විනාඩි 3 යි තත්පර 45 යි දශම 1 යි 6 ක දක්ෂතාවක් දක්වමිනි.

Loading...