ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් තරඟයෙන් ලකුණු 226ක ජයක් වාර්තා කරන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම කඩුලු 8 කට ලකුණු 414 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවුවා.

ශේන් ඩවුරිච් නොදැවී ලකුණු 125 ක් ලබාගත්තා.

පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 185 ක් පමණයි.

දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි කොදෙව්වන් කඩුලු 7 ක් දැවී ලකුණු 223 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා.

ඒ අනුව තරගය ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 453 ක ඉලක්කයක් හිමිවුනා.

එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 226 ක් පමණයි.

කුසල් මෙන්ඩිස් සිය 5 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 102 ක් ලබාගත්තා.

තරගයේ වීරයා සම්මානය ශේන් ඩවුරිච්ට හිමිවුනා.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 14 වනදා ශාන්ත ලුසියා හි ඩැරන් සැමි ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

Sinhala Puvath is a Sinhala language news website based in Sri Lanka. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.