ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය පරිපාලනය විසින් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට හා තාක්ෂණික නිලධාරියකුට රුපියල් කෝටියක මුදලක් ලබා දී ඇතැයි වාර්තා වේ.

මෙසේ මුදල් ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවයේ යෙදී සිටියදී දූෂණ හේතූන් මත ඉන් ඉවත් කළ මාධ්‍යවේදියකුට හා තවත් මාධ්‍යවේදියකුටය.

තාක්ෂණික නිලධාරියා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථිර සේවකයකු ලෙස කටයුතු කරන්නෙකු බවද මාධ්‍යවේදීන් දෙදෙනා සෘජු ලෙස ක්‍රිකට් ආයතනයට සම්බන්ධ නැති බවද වාර්තා වේ.

මේ මුදල ලබාදී ඇත්තේ පසුගිය දා ඩුබායි හි පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් පිල හා පාකිස්තානු ක්‍රිකට් පිල අතර එක්දින තරගාවලියට හා ලාහෝර් හි පැවැති දෙරට අතර පන්දුවාර විස්සයි – 20 තරගය සඳහා බව වැඩිදුරටත් සඳහන්.

Loading...