අැමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර ඓතිහාසික හමුව සිංගප්පූරුවේ සෙන්තෝසා දිවයිනේදී අද උදෑසන සිදු වුණා.

(වීඩියෝව සඳහා පහළට යන්න)

අැමරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා හමුවූ පළමු විනාඩි 45 තුළ භාෂා පරිවර්තකයන් දෙදෙනෙකු හැරෙන්නට දෙරටේ වෙනත් කිසිදු රාජ්‍ය නිලධාරියකු සහභාගී වූයේ නැහැ.

ඉන් පසුව ද්වීපාර්ශ්වික සාකච්ජා ඇරඹුණු අතර ඒ සඳහා අැමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, ධවල මන්දිර කාර්යමණ්ඩල ප්‍රධානීයා මෙන්ම ජාතික ආරක්ෂාව පිලිබඳ උපදේශකවරයාද සහභාගී වූ බව වාර්තා වෙනවා.

වීඩියෝව පහතින්…

Sinhala Puvath is a Sinhala language news website based in Sri Lanka. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.