මීලග ජනාධිපතිවරණයට ඒකාබද්ධ විපක්‍ෂය තුලින් බිහිකරන අපේක්ෂකයා සම්බන්ධන නම් 4ක් යෝජනා වී ඇති බව හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පැවසුවා.

චමල් රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ සහ දිනේෂ් ගුණවර්ධන යන සිවු දෙනා මෙලෙස යෝජනා වී ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මෙම යෝජිත නම් අතර බහුතරය රාජපක්ෂලා වීම පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කළ අවස්ථාවේ දී මන්ත්‍රීවරයා පවසා සිටියේ,
“වැදගත් වෙන්නේ දක්ෂයෙක්ද නැද්ද කියන එක. උපන් උපන් රාජපක්ෂලා දක්ෂයෝ වෙලා. මම මොනවා කරන්නද ඒකට”
යනුවෙන්.

Sinhala Puvath is a Sinhala language news website based in Sri Lanka. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.