මාලදිවයින් හිටපු ජනාධිපති මයුමූන් අබ්දුල් ගයූම්ට මාස 18 ක සිරදඬුවමක් නියමකර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එල්ල වී තිබූ නීතිය ක්‍රියාත්මක කිරීම අවහිර කිරීමේ චෝදනාවන්ට වරදකරු වීම හේතුවෙන් ඔහුට එලෙස දඬුවම් නියම කර ඇති බවයි.

හිටපු ජනාධිපතිවරයාට අමතරව එරට අගවිනිසුරුවරයකු වූ අබ්දුල්ලා සයීඩ් සහ විනිසුරුවරයකු වූ අලි හමීඩ්ට ද මාස 18 ක සිරදඬුවම් නියම කරන බව මාලදිවයින් අධිකරණය සඳහන් කළා.

පොලිස් විමර්ශන සඳහා සිය ජංගම දුරකථන ලබාදීම ප්‍රතික්ෂේප කිරීම එම විනිසුරුවරු දෙදෙනාට එරෙහි චෝදනාවයි.

මේ අතර ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසන්නේ, මෙය පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීමේ අරමුණින් ලබාදී ඇති තීන්දුවක් බවයි.

Loading...