ඊයේ රාත්‍රී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමයන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මගින් කොළඹට වැඩමවනු ලැබුවා.

(වීඩියෝව සඳහා පහළට යන්න)

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ උපදෙස් පරිදි මෙලෙස උන්වහන්සේ කොළඹට වැඩමවූ බව වාර්තාවන අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකින් කොළඹ ශාලිකා ක්‍රීඩංගනය වෙත රැගෙන ආ නාහිමියන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණා.

කෙසේ වෙතත් කිරිවෙහෙර රජමහා විහාරයේ විහාරවාසී පූජ්‍ය තලගල ඥාණේන්ද්‍ර හිමියන් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ නාහිමියන් කොළඹට රැගෙන ආවේ ප්‍රතිකාර සඳහා නොව හම්බන්තොට මහරෝහලේ ආරක්ෂාව සම්බන්ධව මතුවූ ගැටළුවක් හේතුවෙන් බවයි.

(වීඩියෝ  –  හිරු)

Sinhala Puvath is a Sinhala language news website based in Sri Lanka. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.