මේ වනවිට රටේ අපරාධවල අඩුවක් දක්නට ලැබෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

කොළඹදී අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාධ්‍යවේදීන් පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වී ඇති බවට සිදුකළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර කිරිවෙහෙර විහාරාධිපති නාහිමිට එල්ල වූ වෙඩි ප්‍රහාරය පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කළ අවස්ථාවේ දී රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසූවේ තමා එම සිද්ධිය පිළිබඳව නොදන්නා බවයි.

Sinhala Puvath is a Sinhala language news website based in Sri Lanka. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.