අලව්ව, කපුවරල ප්‍රදේශයේදී අද සවස බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 25 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල ගත කර ඇති බව පොලිසිය පවසනවා.

(වීඩියෝව සඳහා පහළට යන්න)

මෙලෙස තුවාල ලැබූ පුද්ගලයින් අලව්ව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි සිංහල පුවත් වෙත වාර්තා වුණේ.

අනතුරින් මියගිය පුද්ගලයා 60 හැවිරිදී වියේ පසුවූ පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කළා.

කදුරුවෙල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක මුහුණට මුහුණලා ගැටී ඇති අතර පසුව එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාමෙන් මේ අනතුර සිදුව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් අලව්ව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Sinhala Puvath is a Sinhala language news website based in Sri Lanka. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.