සමාජ වෙබ් අඩවි තහනම් කිරීම සඳහා රජය විසින් නීති උපදෙස් විමසමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

ඒ පිළිබඳව තමන් වෙත තොරතුරු ලැබී ඇති බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවයි අද පැවැති මාධ්‍ය හමුවක දී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා සඳහන් කළේ.

තමන් විවේචනය කරමින් පලවන දෑ හේතුවෙන් රජය සමාජ ජාලවලට අත තැබීමට සැරසෙන බව ඔහු පවසනවා.

සමාජ ජාලවලට පින් සිදුවන්නට දේශපාලන පරිවර්තනයක් සිදුකිරීමට හැකි වූ බවට ජනාධිපතිවරණයෙන් පසු රජය ප්‍රකාශ කළ බව සිහි කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ “ගින්නෙන් උපන් මේ ආණ්ඩුව ගින්නෙන් පිළිස්සී මියයන්න හදන්නේ” යනුවෙන්.

Sinhala Puvath is a Sinhala language news website based in Sri Lanka. Sinhala Puvath was established in 2016. The website's coverage includes politics, sports, entertainment and military.