පසුගිය බ්‍රහස්පතින්දාට යෙදී තිබුණ ජන්ම දිනය නිමිත්තෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතාගේ නිවසේ දේශපාලනඥයන්, කලාකරුවන් හා මාධ්‍යකරුවන්ගේ සහභාගිත්වයෙන් චාම් උත්සවයක් පැවැත්විණි.

අබේගුණවර්ධන මහතා ගැන පසුගිය කාලයේ කාටුන් ශිල්පීන් විසින් අඳින ලද සිය ගණනක් වූ කාටුන් ප්‍රදර්ශනයක්ද මෙහිදී සිදුකළේය.

මෙදින ඔහුට මෙරට දේශපාලනඥයන් විශාල පිරිසක් සුබ පැතූ අතර වසර තුනකට පමණ පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුමනදාස අබේගුණවර්ධන මහතා අමතා උපන් දිනයට සුබ පතා ආශිර්වාද කළේය.

දෙදෙනා අතර කලකට පෙර සිටම පැවති සබඳතා සිහිපත් කරමින් බොහෝ වේලා කතාබස් කොට සුමනදාස අබේගුණවර්ධනට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කළ මහින්ද රාජපක්ෂ මහතා පැරණි මිත්‍රකම අලුත් කරගත්තේය.

Loading...