Loading...

මෙරට ඉතාමත් ජනප්‍රිය ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකු දේශපාලනයට පිවිසීම සඳහා සූදානම් වන බව පුවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙහි ප්‍රථම පියවර වශයෙන් එම ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයා සම්බන්ධ වෘතාන්ත චිත්‍රපටයක් නිර්මාණය කරනු ඇති බවයි වාර්තා වන්නේ.

දකුණු ඉන්දියාවේ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රභූ දේවාට මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට භාරදී ඇති බව ද සඳහන්.

දැනට රජයට අයත් පක්ෂයකින් මොහු දේශපාලනයට පිවිසෙනු ඇති බවයි පුවත් ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කරන්නේ.

පසුගියදා මොහු ඉන්දියාවේ ප්‍රබල දෛවඥයන් ගණනාවක් මුණගැසී ඇති බවද වාර්තා වනවා.

සංගක්කාර, මහේල සමඟ ක්‍රිකට් කණ්ඩායමේ සිට දේශපාලනයට පිවිසීමට අදහස් කරන මෙම හිටපු ක්‍රිකට් තරුව පන්දු යවන්නකු ලෙස කීර්තියට පත්වූවා.

පසුගිය කාලයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට ද මෙලෙස දේශපාලනයට එක්වන ලෙස එජාපය ආරාධනා කළද ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

Loading...