එක්සත් ජාතික පක්ෂ රැස්වීම්වලට එම පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වය අඩු වී ඇති බවත් මේ හේතුවෙන් මන්ත්‍රීවරු රැස්වීම්වලට පැමිණීමේ උනන්දුව අඩු වී ඇති බවත් එම පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා.

පසුගිය සතියේ රැස්වීමට සහභාගි වී සිටියේ 30 දෙනෙකු වැනි සුළු පිරිසක් බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් එජාප පසුපෙළ සිය නොසතුට පළ කර ඇති අතර මේ පිළිබඳව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අග්‍රමාත්‍යවරයා හට ද පැමිණිලි කිරීමට ඔවුන් ක්‍රියා කර ඇති බව පැවසෙනවා.

තම ගැටළුවලට කණ්ඩායම් හමුවේදී පිළිතුරු ලබා දීමට ඇමතිවරු නොපැමිණෙන්නේ නම් මහ පාරෙදි ප්‍රශ්න විසඳා ගැනීමට සිදුවිය හැකි බවටයි ඔවුන් අනතුරු අඟවා ඇත්තේ.

“මෙහෙම ඇමතිලා හැසිරෙනවනම් අපිත් මේ රැස්වීම්වලට ඇවිත් මොකටද” යනුවෙන් ද ඔවුන් පවසා ඇති බව ද වාර්තා වෙනවා.

Loading...