මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීමට ප්‍රංශ කණ්ඩායම සමත් වූවා.

(වීඩියෝව සඳහා පහළට යන්න)

ඒ බෙල්ජියම් කණ්ඩායම සමග සාන්ත පීටර්ස්බර්ග් ක්‍රීඩාංගණයේ පැවැත්වුණු උණුසුම් තරගයෙන් අනතුරුවයි.

තරගයේ ආරම්භයේ සිටම ඉතා තියුණු මුහුණුවරක් ගන්නට වූයේ කණ්ඩායම් දෙකම එකිනෙකාට නොදෙවෙනි ආකාරයෙන් ක්‍රීඩා කිරීම හේතුවෙන්.

ප්‍රතිවාදී කණ්ඩායමට ගෝල ලබා ගැනීමට ඉඩ නොතැබීමට ඔවුන් සෑම විටම ක්‍රියා කළා.

තරගයේ අර්ධ කාලය එළැඹෙන විට කිසිදු කණ්ඩායමක් ගෝල ලබා නොගත්තේ කණ්ඩායම් දෙකම එලෙස ඉතා දක්ඹ ආකාරයෙන් ක්‍රීඩා කිරීම නිසායි.

කෙසේ වෙතත් අර්ධ කාලයෙන් පසු නැවත තරගය ආරම්භ කර විනාඩි කිහිපයක් ගත වෙද්දී සැමුවෙල් උම්ටිටිගේ හිසින් ප්‍රංශ කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් වාර්තා කළේ බෙල්ජියම් කණ්ඩායම සහ ඔවුන්ගේ ක්‍රීඩා ලෝලීන්ට පරාජයේ අනාවැකියක් පළ කරමින්.

ඉන්අනතුරුව කෙතරම් උත්සහ ගත් නමුත් බෙල්ජියම් ක්‍රීඩකයින් හට ගෝලයක් වාර්තා කළ නොහැකි වූවා.

ඒ ප්‍රංශ ක්‍රීඩකයින්ගේ ආක්‍රමණශීලී තරඟ විලාශය හේතුවෙන්.

මේ අනුව තරගයේ කාලය නිමා වූයේ 1-0ක් ලෙස ප්‍රංශය වෙත ජය හිමිකර දෙමින්.

මෙම ජයග්‍රයණයත් සමග ප්‍රංශ කණ්ඩායම අනිවාර්යයෙන් මෙවර ලෝක කුසලානයේ ශූරයින් හෝ අනුශූරයින් බවට පත්වනු ඇති.

හෙට පැවැත්වෙන අවසන් පූර්ව වටයේ දෙවැනි තරගයෙන් ජය ගන්නා එංගලන්ත කණ්ඩායම හෝ ක්‍රොයේෂියානු කණ්ඩායම සමග අවසාන මහා තරගයේ දී ප්‍රංශය තරග වැදීමට නියමිතයි.

Loading...