ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට සැරසෙන බවට විදෙස් ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙතරම් දක්ෂතා දැක්වුවත් තමන්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ අවස්ථාවක් නොලැබීම හේතුවෙන් කලකිරුණු ඔහු මෙම තීරණය ගෙන ඇති බවටයි එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

ඒවායේ තවදුරටත් සඳහන් වන්නේ මේ වනවිට විදෙස්ගතව සිටින මාලිංග ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව මෙම තීරණය නිළ වශයෙන් ප්‍රකාශ කරනු ඇති බවයි.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම වේගපන්දු යවන්නාද මාලිංග වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා මාලිංග ඉදිරියේදී පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙස කටයුතු කිරීමට නියමිත බව ද අදාළ පුවත් වාර්තාවල සඳහන්.

Loading...