Loading...

රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගැනීමේදී විශ්වවිද්‍යාල අභ්‍යන්තර උපාධිධාරීන්ට ප්‍රමුඛතාව දීමට ගෙන ඇති ක්‍රියාමාර්ගයට රැකියා විරහිත ඒකාබද්ධ උපාධිධාරීන්ගේ සංගමය විරෝධය පළ කරනවා.

එහි කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියන් ප්‍රකාශ කළේ, එය මානව හිමිකම් පවා උල්ලංඝනය කිරීමක් බව යි.

මෙම තීරණය වෙනස් කර රැකියා විරිහිත උපාධිධාරීන්ට කඩිනමින් රාජ්‍ය සේවයේ පත්වීම් ලබා දෙන ලෙස උන්වහන්සේ ඉල්ලීමක් ද සිදු කළා.

රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගැනීමේදී කැබිනට් මණ්ඩලය ගත් තීරණයට අනුව විශ්වවිද්‍යාල අභ්‍යන්තර උපාධිධාරීන්ට ප්‍රමුඛතාව ලබා දෙන බවයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

ඒ අනුව පුහුණුවට බඳවා ගැනීම සඳහා දැනට තෝරාගෙන ඇති 5000 කණ්ඩායමේ සිටින විශ්වවිද්‍යාල අභ්‍යන්තර උපාධිධාරීන් සංඛ්‍යාව පිළිබඳව සොයා බැලීමක් සිදු කරන බවෙ එම අමාත්‍යංශ අතිරේක ලේකම් අසංක දයාරත්න සඳහන් කළා.

එම කටයුතු මෙතෙක් අවසන් කර නොමැති බව ද අතිරේක ලේකම්වරයා පැවසුවා.

කෙසේ වෙතත් බඳවා ගන්නා පළමු කණ්ඩායමට අභ්‍යන්තර හා බාහිර ලෙස වර්ගීකරණයකින් තොරව විශේෂ අවශ්‍යතා ඇති උපාධිධාරීන් පිරිසක් හා LTTE සංවිධානය හා සම්බන්ධව සිට පසුව පුනුරුත්ථාපනය වූ උපාධිධාරීන් පිරිසක් බඳවා ගන්නා බව ද ඔහු සඳහන් කළා.

Loading...