Loading...

ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයින් 7 දෙනා ගමන් ගත් යාත්‍රාව මාලදිවයිනට ළඟාවෙමින් ඇති බවට යාත්‍රා හිමිකරුට වෙනත් ධීවරයන් පිරිසක් දුරකථන ඇමතුමකින් දැනුම් දී ඇති බව ඥාතීන් පවසනවා.

මාලදිවයින ආසන්නයෙන් ගමන් කරමින් තිබූ යාත්‍රාවක පිරිසක් මෙලෙස යාත්‍රා හිමිකරුට දැනුම්දී ඇත්තේ ඔවුන් නිරුපද්‍රිත බවයි.

මෙම ධීවරයන් සොයාදෙන ලෙස ඉල්ලමින් ඔවුන්ගේ ඥාතීන් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පසුගිය සෙනසුරාදා විරෝධතාවකද නිරතවුණා.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශ්‍ය සඳහන් කළේ ඔවුන් මාලදිවයිනට සැතපුම් 48 ක් දුරින් පිහිටි දූපතක් ආසන්නයේදී සොයාගත් බව මාලදිවයින් වෙරළාරක්ෂක බලකා නිලධාරීන් මෙරටට දැනුම්දී ඇති බවයි.

ඔවුන් ගොඩබිමට රැගෙන ඒම සඳහා මාලදිවයිනට අයත් නෞකාවක් අදාළ මුහුදු ප්‍රදේශයට පිටත්කර යවා ඇති බව සඳහන්.

Loading...