Loading...

කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් ප්‍රතිකාර ලබන කොළඹ පෞද්ගලික රෝහලේ බිල්පත තමන් වෙත මෙතෙක් ලැබී නොමැති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඊයේ පැවති කැබිනට් රැස්වීමේ දී ජනාධිපතිවරයා විසින් මේ බව ප්‍රකාශ කළ බවයි බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා කියා සිටියේ.

පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ගේ රෝහල් ගාස්තු රජය විසින් ගෙවීමට පොරොන්දු වුවද ඊට රජයෙන් ප‍්‍රතිචාරයක් ලැබී නොලැබුණු බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළ වූවා.

වෙඩි වැදීමෙන් තුවාල ලබා උන්වහන්සේ ප‍්‍රතිකාර සදහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණේ ඉකුත් ජූනි මස 13 වැනිදායි.

මේ වන විටත් කොබවක ධම්මින්ද හිමියන් එම පෞද්ගලික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා.

උන්වහන්සේ රෝහල් ගාස්තුව මිලියන 3කට ආසන්න බවයි වාර්තා වන්නේ.

Loading...