Loading...

කාර්යාල සේවා යන නාම පුවරුවට මුවා වී දක්ෂිණ අධිවේගී මාර්ගයේ නීති විරෝධී මගී ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක වන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා.

එම අධිකාරියේ නිලධාරීන් පෙන්වා දෙන්නේ වලංගු ප්‍රවේශ පත්‍ර පවා නිකුත් නොකර මෙලෙස මගී ප්‍රවාහන සිදුකිරීම හරහා අධිවේගී මාර්ගයේ අදාළ බස් රථ අනතුරට ලක්වුවද  එහි මගීන්ට වගකීමට කිසිවෙකුත් නොමැති බවයි.

කාර්යාල සේවා බව පවසමින් සාමාන්‍ය මගීන් මෙලෙස ප්‍රවේශපත්‍ර පවා ලබා නොදී අධිවේගී මාර්ගයේ රැගෙන යාම මේවන විට බරපතළ ගැටළුවක් බවට පත්ව ඇති බවයි මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුළරත්න ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් බස් රථ නවත්වා පරීක්ෂා කිරීමේ කටයුතු ද සිදු කෙරෙන බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරනවා.

Loading...