වත්මන් රජය බලයට පත්වීමෙන් පසු අපරාධවල සංඛ්‍යාත්මක අඩුවීමක් දක්නට ලැබෙන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

“මේ රජය භාරගත්ත වෙලාවේ ඉඳලා මේ රටේ අපරාධ අනුපාතය අඩු වෙලා තියෙනවා. මේ රටේ මංකොල්ල අඩු වෙලා තියෙනවා. මේ රටේ ස්ත්‍රී දූෂණ අඩු වෙලා තියෙනවා. මේ ආකාරයට අපි හොඳ පොලිස් සේවයක් දෙන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා.”

කෙසේ වෙතත්  රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසුවේ මේ වනවිට බරපතළ අපරාධවල වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.

“මේ රටේ බරපතළ අපරාධවල වැඩිවීමක් තියෙනවා. ලේසියට කියතහැකි නඩුභාණ්ඩයක් සොයාගන්න එක්ක යන්න, එහෙම කියලා කියන්න පුළුවන්. ඒක නීතියද? ඊට පස්සේ අහිංසකයන්වත් නඩුභාණ්ඩ හොයාගන්න එක්ක යයි. ඒ නිසා නීතිය පිළිබඳ වගකියන ඇමතිවරු, පොලිස්පති, ඒ සියළු දෙනාම රටේ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව මීටවඩා තදින් ඉන්න ඕනෙ.”

Loading...