Loading...

හුණුපිටිය නාහේන ප්‍රදේශයේදී ත්‍රි රෝද රථ රියදුරෙකු ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ ඇයගේ අනියම් සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ ඇයගේ අනියම් පුරුෂයා එක්ව මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශණවලදී අනාවරණ වි ඇති බවයි.

සැකකරු රත්නපුර ගනේගොඩ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙක් වන අතර ඔහු හැඳල ප්‍රදේශයේ තාවකාලිකව නතරව සිටි අයෙක් බව සඳහන්.

ඔහු ලොරි රථයකින් ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම රැකියාව වශයෙන් සිදුකරන බවට හෙළිවී තිබෙනවා.

එම සැකකරු ඊයේ සවස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒකල ප්‍රදේශයේදීයි.

මියගිය පුද්ගලයාගේ බිරිඳ 37 හැවිරිදි කාන්තාවක්.

පෙරේදා අලුයම 3 ත් 3.30 ත් අතර කාලයේදී කිරිබත්ගොඩ නාහේන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී 40  හැවිරිදි ත්‍රී රෝද රථ රියදුරා ඝාතනය කර තිබුනා.

සැකකරු සහ සැකකාරිය එක්ව ඝාතනයට යොදාගත් තියුණු ආයුධය ද සගවා තිබියදී පොලිසිය සොයාගෙන තිබෙනවා.

මියගිය තැනැත්තාගේ බිරිඳ මීට පෙර ප්‍රකාශ කර තිබුණේ තමන් සැමියා සහ දරු තිදෙනා සමග නිදා සිටින විට නිවසට පැමිණි පුද්ගලයින් පිරිසක් විසින් තමන් සහ දරුවන් බියගන්වා කාමරයටක දමා දොරගුළු වසා සැමියා ඝාතනය කළ බවයි.

පසුව ඝාතකයින් තමන් ලවාම නිවසේ තිබූ රුධිරය සෝදවා සිය සැමියාගේම ත්‍රීරෝද රථයෙන් මළසිරුර රැගෙන ගිය බව ද ඇය පොලීසියට ප්‍රකාශ කර තිබුණා.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මව සහ පියා යාබද නිවසක පදිංචි වී සිටියත් අදාළ බිරිඳ ඔවුන් වෙත සිද්ධිය පිළිබඳව දන්වා ඇත්තේ උදෑසන වූවාටත් පසුවයි.

Loading...