ගම්පහ සහ දාරළුව දුම්රිය ස්ථාන අතරදී තරුණියන් දෙදෙනෙකු දුම්රියට ගෙළ තබා සියදිවි හානිකරගෙන තිබෙනවා.

(වීඩියෝව සඳහා පහළට යන්න)

ඊයේ රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියට රාත්‍රී 8.45 ට පමණ ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේදී මොවුන් දෙදෙනා ගෙළ තබා ඇති බවටයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක් සහ මීගමුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියක් බවයි අනාවරණ වී ඇත්තේ.

ඔවුන් දෙදෙනා කටුනායක එකම ඇඟලුම් කම්හලක සේවයේ නිරත මිතුරියන් දෙදෙනෙකු බවටයි වැඩිදුර තොරතුරු වාර්තා වී ඇත්තේ.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇති එක් තරුණියක් විසින් ලියා තැබූ ලිපියක්ද එම ස්ථානයේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

එහි සටහන්ව ඇත්තේ පහත ආකාරයේ අදහසක්.

අම්මේ..
සමාවෙන්න හැම දේකටම, මං නිසා ඔයාලට ප්‍රශ්න වෙන නිසා තමයි මේ වගේ තීරණයක් ගත්තෙ. මං ජීවත් වෙලා හිටියොත් කවදාවත් ඔයාලට සැනසීමෙන් ඉන්න වෙන්නැති වෙයි. ඒ නිසා මං ගත්ත තීරනේ හරියි කියලයි මට හිතෙන්නෙ. ඒ නිසා හැමදේටම සමාවෙන්න. මං නිසා අඩන්න එපා. මාව අමතක කරලා දාන්න අක්කයි,අයියයි එක්ක සතුටින් ඉන්න. ආදරෙයි ගොඩක් මං වෙච්චර කල් තාත්තත් නැතිව බලා ගත්තට. ආයෙ ගෙදර එන්නවත් සමාජෙට මුහුණ දෙන්නවත් බෑ. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. ආදරෙයි ගොඩක් ජේසු පිහිටයි…! අක්කගෙ වෙඩින් එක ලස්සනට කරන්න. මට ඔයාලව ගොඩක් වටිනවා. ඔයාලට තව දුක් දෙන්න බැරි නිසයි මෙහෙම කලේ. ජේසු පිහිටයි අම්මේ..!
මීට,
හිතුවක්කාර දුව.

මේ අතර එහි තිබී විදේශ ගමන් බලපත්‍රයක්, ගමන් බෑගයක්, සේවා හැඳුනුම්පතක්, යතුරක් සහ එකම වර්ගයේ ජංගම දුරකථන දෙකක් පොලිසියට හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

ගම්පහ පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

(වීඩියෝ – හිරු)

Loading...