මරණ දඬුවම නියමවී සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පුද්ගලයින්ට මරණ දඬුවම ලබාදීම සඳහා තමන් අත්සන් තබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද ප්‍රකාශ කළා.

(වීඩියෝව සඳහා පහළට යන්න)

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ මතට එරෙහිව පාසලෙන් ජවයක් වැඩසටහනේ සමාරම්භක උත්සවය අද මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැත් වුණු අතර ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ එහි උත්සවය අමතමින්.

මෙලෙස මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි නිසා මරණ දඬුවම ලබා සිරගෙදර සිට මහා පරිමාණ මත්ද්‍රව්‍ය මෙහෙයුම් සිදුකරන පුද්ගලයින් හට මරණදඬුවම ලබා දීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී යෝජනා කළේ තමා බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

බෞද්ධයින් ලෙස මේ පිළිබඳව බොහෝ වාද විවාද තිබිය හැකි වුවත් මරණීය දණ්ඩනය ලබා දීමට සිය අත්සන යෙදීමෙන් තමා පවක් සිදු නොකරගන්නේ යැයි සිතන බව ද ජනාධිපතිවරයා පැවසුවා.

මරණ දඬුවම නියමවී සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පුද්ගලයින්ට මරණ දඬුවම ලබාදීම සඳහා, හෙට උපදින දරුවන් වෙනුවෙන් තමා අත්සන යොදන බව ඊයේ අධිකරණ අමාත්‍යංශයට දැනුම්දුන් බව ද ඔහු සඳහන් කළා.

Loading...