ඉතිසාහයේ පළමු වරට ලෝක කුසලානයක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනිමින් අනුශුරතාවය දිනා ගත් ක්‍රොයේෂියා කණ්ඩායම යළි සිය මව් රටට පැමිණියේ ය.

(වීඩියෝ සහ ඡායාරූප සඳහා පහළට යන්න)

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔවුන් පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් ක්‍රොයේෂියාවේ අගනගරය වන සාග්‍රේබ් හි සංවිධාන කර තිබූ බව ය.

දෙලක්ෂ පනස් දහසකට අධික පාපන්දු ලෝලීන් හේතුවෙන් ක්‍රොයේෂියානු පාපන්දු කණ්ඩායමට ගුවන්තොටුපොළේ සිට සාග්‍රේබ් දක්වා පැමිණීමට පැය 6 කට ආසන්න කාලයක් ගත වී තිබේ.

පිළිගැනීමේ උත්සවයට සහභාගී වීමෙන් ක්‍රොයේෂියානු පාපන්දු ලොලීන් ප්‍රකාශ කර ඇත්තේ, ලෝක කුසලානය දිනා දීමට නොහැකි වූව ද මෙවර ලෝක කුසලාන තරගාවලියේදී සිය කණ්ඩායම දැක්වූ දක්ෂතා පිළිබඳව අතිශයින් සැහීමකට පත් වන බව ය.

Zagreb dočekuje svjetsko nogometno srebro

🇭🇷 Kakva dobrodošlica za doprvake svijeta u Zagrebu! 🇭🇷

Posted by Hrvatski nogometni savez on Monday, 16 July 2018

Loading...