Loading...

කෙසෙල්ගමු ඔයේ පාවෙමින් තිබූ වතු කම්කරුවාගේ මළ සිරුර අද පස්වරුවේ ගොඩගනු ලැබුවා.

(වීඩියෝ සඳහා පහළට යන්න)

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය මේවන විට නාවලපිටිය රෝහල වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

දින කිහිපයකට පෙර අතුරුදන්ව සිටි මෙම වතු කම්කරුවාගේ සිරුර අද පාවෙමින් තිබුණේ කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින ජලමාර්ගයක් වන කෙසෙල්ගමු ඔයේයි.

මෙලෙස හමුවී ඇත්තේ 34 හැවිරිදි පුද්ගලයෙකුගේ සිරුරක්.

ඔහු බගවන්තලාව කර්කස්වෝල් වතුයායේ පදිංචිකරුවෙක්.

නිවසෙන් පිටත්ව ගිය සැමියා යළි නිවසට නොපැමිණි බවට ඔහුගේ බිරිඳ විසින් පොලිසියට පැමිණිල්ලක් ද කර තිබු බව සඳහන්.

Loading...